ඩොලර් අර්බුදය උග‍්‍ර වෙයි සති දෙකකින් මඩිස්සලේ හිස්

0
135
- Advertisement -

ලංකාවේ මේ වනවිට ඇති මුළු ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් ඇත්තේ ඩොලර් මිලියන 1100ක් බව පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

ඒ අනුව ඉදිරි දෙසතිය තුළ කිසියම් පියවරක් නොගතහොත් ඉතාම අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ දීමට රටට සිදු වනු ඇත. වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර කඩිනම් විසඳුම් ගැනීමේ අවශ්‍යතාවය මේ වනවිට ආණ්ඩුවේම ඇතැම් මැති ඇමතිවරුන් පෙන්වා දුන්නද එයට ප‍්‍රති විරෝධි මතයක් ඉදිරිපත් කරන පිරිසක්ද සිටිති.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පුවත්පතක් සමග සාකච්ඡා කරමින් පවසා ඇත්තේ ඉදිරි කෙි කාලය තුළදී මෙරට ඩොලර් සංචිතය ශක්තිමත් කරන්නට අවැසි පියවර ගන්නා බවයි. එසේම ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමට ලංකාවට සිදුවන බවයි.

ඒ නිසා කිසියම් ලෙසකින් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබාගන්නට යන්නේ නම් ඊට පෙර රට තුළ පුළුල් කතිකාවතක් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කොට තිබේ.

සමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේදී කොන්දේසි පැනවීම අනිවාර්ය දෙයකි. එහි පෙලී අනුපාත බොහෝ විට ඩතාම අඩු අගයක් ගන්නා අතර, ඔවුන්ගේ කොන්දේසි කි‍්‍රයාත්මක කිරීමද එම ගිවිසුම්වලට අදාළ කොටසක් වෙයි.

නමුත් වෙනත් රටකින් ණය මුදලක් ගැනීමේදී එහි පොලී අනුපාතය වැඩි වුවද කොන්දේසි පැනවීමක් සිදුවන්නේ නැත. මෙම තත්ත්වය ලංකාවට අලූත් අත්දැකීමක් නොවේ. මට පෙර ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙසේ කොන්දේසි සහිතව ණය මුදල් ලබාගෙන තිබේ.

නමුත් පසුගිය වකවානුව පුරාම ලංකාව වැඩි වශයෙන් ණය ලබාගෙන ඇත්තේ විවිධ රටවල් වලිනි. ඉන් ච‍්‍රනය ප‍්‍රධාන රටකි.

බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට ගියහොත් ඔවුන්ගේ එක් කොන්දේසියක් වනු ඇත්තේ ඩොලරයේ අගය පාවෙන්නට හැරීමයි. එසේම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන අන්දමේ නොයෙක් කරුණු රැසක් ඔහු විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව අයවැය පරතරය 5% දක්වා අඩු කිරීමට සේවක වැටුප් හා විශ‍්‍රාම දීමනා කප්පාදුවකට ලක් කරන්නට සිදුවන බවද ඒ මහතා පෙන්වා දී තිබේ. එසේම ගෑස් මිළද ඉහළ යනු ඇත. ඒ නිසා එවැනි තීරණයක් ගන්නට පළමුව ජනතාවගේ අදහස විමසීම වැදගත් බව ඔහු සිය පැහැදිලි කිරීමේදී පෙන්වා දී තිබේ.

පසුගිය වකවානුව පුරාම රටේ අරමුදල් භාවිතා වූ ආකාරය ගැන මේ වනවිට විපක්ෂය සවිස්තරාත්මක ආකාරයෙන් වාර්තා විවිධ අවස්ථා වලදී ඉදිරිපත් කර තිබේ. එහිදී කෙරී ඇති බොහෝ ගනුදෙනු විනිවිද භාවයකින් තොර බව ආණ්ඩුවේම බොහෝ මැති ඇමතිවරුන් පිලිගනිති. ජාත්‍යන්තර වශයෙන් කෙරුන ගනුදෙනු බැලූ කල්හි එයට දිය හැකි කදිම නිදසුන වන්නේ ඡීනයෙන් ගෙන්වූ කාබනික පොහොර නෞකාවේ සිදුවීමයි.

මේ වනවිට ඒ සඳහා අදාළ මුදල් ගෙවීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර තිබේ. එහෙත් මෙම පොහොර තොගය වෙනුවෙන් අදාළ බැංකු අණකර නිකුත් කරන්නට පළමු සාම්පල පරීක්‍ෂාවක් නොකිරීම පිළිබඳව අණකර පති‍්‍රකා නිකුත් කළ මහජන බැංකුවද මවිතය පළ කර තිබිණි.

එසේම වරාය නගරයේ ආයෝජන සම්බන්ධයෙන් ඇති වූ ගනුදෙනුද මෙහිදී සැලකිල්ලට ගත හැකිය. එහිදී ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අදහස වී ඇත්තේ ආයෝජකයන් විසින් ලබාදෙන මුදල් චීන සමාගම වෙත ලබා දිය යුතු බවයි.

මෙයට විරෝධය පානමි් එහි ඉතාම වගකිව යුතු තනතුරක් හෙබවූ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා තනතුරෙන් ඉවත් වීමද සිදුවිය. මෙවැනි ගනුදෙනු සම්බන්ධයෙන් ආණ්ඩුව ප‍්‍රමාණවත් හා විධිමත් පියවර ගත්තේද යන්න මෙහිදී ගැටළුවකි.

එසේම මහ බැංකුවේ දිගින් දිගටම සිදු වූ අසංවිධිත ගනුදෙනු සම්බන්ධයෙන්ද ජනතාවගේ අදහස් උදහස් ලබාගනන්ට ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැත. එවන් තත්ත්වයක් තිබියදී ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදුව ආදිය සම්බන්ධයෙන් පමණක් මහජන මතය සොයා බලන්නට බන්දුල ගුණර්ධන මහතාගේ මතය අනුව ආණ්ඩුව කි‍්‍රයාකාරන්නේ නම් එය විහිලූවකි.

මේ වනවිට ලංකාව මුල්‍ය අක‍්‍රමිකතා අතින් ඉතාම සුප‍්‍රකට තලයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර පුවත් පවා විටින් විට වාර්තා කර තිබේ. එසේම හිටපු විගණකාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇත්තේ ලංකාවේ ටි‍්‍රලියන 14ක පමණ මුදල් වැය වූ ආකාරය පෙන්වා දිය හැක්කේ ඉි‍්‍රලියන් 2කටත් අඩු ප‍්‍රමාණයකට බවයි.

එසේම පලාත් සභා ඇතුළු මහජන නියෝජිතයන් නඩත්තුවට වැඩවන මුදල පිළිබඳවද ඔහු වරින් වර මාධ්‍යයට ආන්දෝලනාත්මක තොරතුරු රාශියක් ලබාදුන්නේය.

මෙවන් පසුබිමක් යටතේ ලංකාවට අරමුදල් ලබාදෙන්නේ නම් ඒවා නියාමනයකට ලක් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගතහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. එවන් තත්ත්වයක් යටතේ සාමාන්‍ය ජන සමාජයේ බිම් මට්ටමට තදින් බලපාන සාධනීය ලක්ෂණ දේශපාලන වේදිකාව මත ගෙනහැර දැකවීම ප‍්‍රමාණවත්ද යන්න ගැටළුවක් වෙයි.

පසුගිය කෙටි වකවානුව තුළ රාජ්‍ය දේපොල විදේශයන්ට හා විදේශ ආයතනවලට පැවරීමේ කාර්යයන් ගැනද දිගින් දිගටම මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. යුගදනව් බලාගාරය මේ අතරින් ප‍්‍රධාන කරුණක් වෙයි. ඒ අතර අගනුවර ආර්ථික වශයෙන් විශාල වටිනාකමක් ඇති දේපොළද ආණ්ඩුව විසින් විදේශයන්ට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවටම අයත් මැති ඇමතිවරු හා දේශපාලඥයන් විවිධාකාර අන්දමින් විරෝධතා දැක්වීමද සිදුවිය.

පවතින තත්ත්වය යටතේ ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේ කර්තව්‍යය පසෙක ලා ආහාර පාන හා ඖෂධ ආදිය සම්බන්ධයෙන්ද ඇති වෙමින් පවතින ගැටළු සහගත තත්ත්වයට කඩිනම් විසඳුම් සෙවීමේ අභියෝගයට අද රටම මුහුණ දී ඇති බව පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 3 =