ඩොනල්ඩ් ට‍්‍රම්ප්, කාර්ටූන් ශිල්පියා ගෙදර යවයි

0
564
- Advertisement -
Share

මියගිය සරණාගතයන් දෙදෙනා නොතකා හැර ගෝල්ෆ් ක‍්‍රීඩා කරන
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ කාටූන් සිතුවමක් නිර්මාණය කළ
කාටුන් ශිල්පියාට තමන් නිර්මාණය කළ කාටූනය නිසා රැකියාව අහිමි වී ගොස් ඇති බව වාර්තා වේ. මයිකල් ඞී ඇඩර් නම් වන ඔහු, කැනේඩියාවේ ප‍්‍රධාන පුවත්පත් කිහිපයකට කාටූන් අදින ස්වාධීන කාටූන් ශිල්පියෙකි. මෙම ආන්දෝලනාත්මක කාටූනය ට්වීටර් සහ ෆේස්බුක් හරහා දහස් ගණනින් හුවමාරු වීමට පටන් ගත් පසු අදාල ශිල්පීයා මෙකී අකරතැබ්බයට මුහුණ දී තිබේ. ඔහු ඇද තිබෙන කාටූනය පසුගිය දිනවල සිදු වූ සැබෑ අත්දැකීමක් හා සම්බන්ධය. මෙක්සිකානු දේශ සීමාව හරහා සරණාගතයන් ලෙස ඇමරිකාවට ඇතුළුවීමට උත්සාහ කරන අතර තුරේ කුඩා දැරියක් සහ ඇගේ තාත්තා අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − one =