ඩෙටනේටර් 06ක් සමග රිෂාඩ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට

0
680
- Advertisement -
Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසනවා.

මන්නාරම ආරක්ෂක අංශ පැවසුවේ ඩෙටනේටර් 06ක් සමඟ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා සතුව මුදල් තොගයක්ද පැවති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය හා මන්නාරම ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 14 =