ඩුබායි දුම්වැටි තොගයක් රේගු භාරයට

0
429
- Advertisement -
Share

ඩුබායි හි නිෂ්පාදිත වර්ග දෙකකට අයත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවා. ඊයේ(14) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මෙම දුම්වැටි තොගය මෙරටට ගෙනවිත් ඇත්තේ කුරුණෑගල , රිදීගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයෙකි,
ඔහු ඊයේ සවස 6.30 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් ගෙන ආ ගමන් මලුවල රුපියල් 13,86,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,720 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරී සේනක ඇරැව්පොළ , සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.පී.එම්.ජේ.ජී.පතිරණ , එච්.යූ.අයි.පෙරේරා එච්.එම්.සී.යූ.ද .සිල්වා සහ ටී.ඩී.එන්.ටී.සමරනායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඊ.එම්.ජේ.නවරත්න මහතා විසින් පවත්වමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 9 =