ඩිෆෙන්ඩරයට යට කර ඕඅයිසී ඝාතනය කිරීම. ෆේස් බුක් සාමාජිකයන් 178 ක් පොලීසියට කැදවීම නිහඩ තර්ජනයක්…!

0
660
- Advertisement -

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා හප්පා පළා ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ තරුණයා පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ 178 දෙනෙකු හදුනාගෙන ඇති බවත්, ඔවුන් සියලු දෙනා අධිකරණය හමුවට කැදවා රිය අනතුර පිළිබදව ඔවුන් දන්නා තොරතුරු ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන බවත්, නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පවසයි. කෙසේ වෙතත්,
නියෝජ්‍ය පොලිස්පති වරයාගේ මෙම ප්‍රකාශය, සහ අදාල සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් අධිකරණය හමුවට ගෙන එන බවට ප්‍රකාශ කිරීම, ඔවුන්ට එරෙහිව සිදු කරන ලද එක්තරා ආකාරයක තර්ජනයක් බවයි, බොහෝ අය පවසන්නේ.
රිය අනතුර සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ පොලිස් නිළධාරියෙකුගේ පුතෙකු වන නවිදු ඔමේෂ් රත්නායක අත් අඩංගුවේ පසුවන අතර, සමාජ මාධ්‍යජාලා හරහා අනතුරේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත් රසික බණ්ඩාර අලුත්ගමගේ යන අයට පවරා තිබුණි.
කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, අනතුර සිදුවන මොහොතේ ඩිෆෙන්ඩර් රථය පැදවූවේ නවිදු ඔමේෂ් රත්නායක යන අය බව තහවුරු වී ඇති බවයි.