ඩලස් ඉල්ලා අස්වීමට සූදානම්.
තමන් විදුලිබල අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව, මුළු දිවයිනටම බලපාන පරිදි සිදු වූ විදුලි කප්පාදුව විදුලි බල අමාත්‍යංශය වගකිව යුතු බව හෙළි වුවහොත්, තමන් අමාත්‍යධූරයෙන් ඉවත්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
විදුලිය ඇණ හිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර, එම කමිටුවේ වාර්තාව, හෙට, සදුදා දිනයේ දී අමාත්‍යවරයාට ලැබීමට නියමිත ය.