ට‍්‍රම්ප් හදිසියේම උතුරු කොරියාවට ඇතුළු වෙයි.

0
436
- Advertisement -
Share

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊයේ දිනයේ දී උතුරු කොරියාවට පැමිණියේ ය. ඒ අනුව, ජනාධිපති ධූරය දරමින් සිටියදී උතුරු කොරියාවට පැමිණි පළමුවන ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පිහිටි යුධ මුක්ත කලාපයේ දී දෙරටේ නායකයන් අතර හමුව සිදු වී තිබුණි. කෙසේ වෙතත්, මොහොතක කාලයක් සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා යුධ මුක්ත කලාපයෙන් පිට වී උතුරු කොරියානු භූමියට ඇතුල් විය. පසුව නායකයන් දෙදෙනා, දකුණු කොරියානු රාජ්‍යයට ඇතුළු වී, දකුණු කොරියාවට අයත් ”නිදහස් මන්දිරයේ” පැයක පමණ වේලාවක් සාකච්ඡුාවක නිරතව තිබුණි. මීට පෙර, උතුරු කොරියානු න්‍යෂ්ඨික වැඩ පිළිවෙළ පිළිබදව සාකච්ඡුා කිරීම සඳහා දෙරටේ නායකයන් වියට්නාමයේ දී මුණ ගැසී තිබුණි. මෙවර හමුවෙන් පසුව, ඇමරිකානු ජනාධිපතිවරයාට, සංචාරයක් ස`දහා ඇමරිකාවට පැමිණෙන ලෙස උතුරු කොරියානු නායකයාට ආරාධනා කළ බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 15 =