ට‍්‍රම්ප් සාමකාමී බලහුවමාරුවකට සූදානම් නෑ. ජෝබයිඞ්න් ගේ ආරක්ෂාව දැඩි කරයි.

0
72
- Advertisement -
Share
4 / 100

ට‍්‍රම්ප් සාමකාමී බලහුවමාරුවකට සූදානම් නෑ.
ජෝබයිඞ්න් ගේ ආරක්ෂාව දැඩි කරයි.

විල්මින්ග්ටන් හී පිහිටි, ජෝ බයිඞ්න් ගේ නිවසට ඉහළ ගුවන් තලය, ගුවන් පියාසර සදහා තහනම් කළාපයක් බවට පත් කර ඇති බව, සී.එන්.එන් සේවය වාර්තා කරයි.

එළැඹෙන බදාදා දිනය දක්වා මෙම තහනම බලපැවැත්වෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරණය ජය ගතහොත්, ජෝ බයිඞ්න් ඔහුගේ ජයග‍්‍රාහී කතාව පැවැත්වීම සදහා සූදානම් කර තිබෙන, චේස් මධ්‍යස්ථානයට ඉහළ ගුවන් කලාපයද මෙම තහනම් ගුවන් කලාපයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම, ජෝ බයිඞ්න්ගේ ජයග‍්‍රහණය බොහෝ දුරට මේ වන විටත් තහවුරු වී ඇති නිසා, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්, විශේෂ ඒජන්තයන් ඊයේ දිනයේ සිට අනුයුක්ත කර තිබෙන බවද පැවසේ.

යම් හෙයකින්, ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත් වුවහොත්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සාමකාමී බලහුවමාරුවකට සූදානම් නොවීමේ අවදානමක් ද ඇති බව සී.එන්.එන් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − three =