ට‍්‍රම්ප් ගෙන් උතුරු කොරියාවට සහතිකයක්…!

0
745
- Advertisement -
න්‍යෂ්ඨික ආයුධ භාවිතා කිරීම අත්හිටුවීමට තීරණය කළහොත්, උතුරු කොරියාවේ ලෝකයේ ඇති විශිෂ්ඨතම ආර්ථිකයන්ගෙන් එකක් බවට පත් වෙනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසයි. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබුණි.
“න්‍යෂ්ඨිත ආයුධ භාවිතා කිරීම අත් හැරීමට තීරණය කළහොත් ලෝකයේ අනිත් ඕනෑම ආර්ථිකයට වඩා දියුණු ආර්ථිකයක් ගොඩ නැගීමට උතුරු කොරියාවට පුළුවන. වෙන කාටත් වඩා හොදින් සභාපති කිම් මේ බව දන්නා බව මගේ විශ්වාසයයි. උතුරු කොරියාවේ පිහිටීම, එහි ජනතාව සහ උතුරු කොරියානු ජනතාවට නායකත්වය දෙන කිම් සතුව, එවැනි වර්ධනයක් ඇති කර ගැනීමේ ශක්‍යතාවය තිබේ.”
ලබන 27 සහ 28 යන දෙදිනේ දී උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන්ග් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර හමුවක් වියට්නාමයේ දී සිදුවීමට නියමිතය. මේ, දෙරටේ නායකයන් ගේ දෙවන මුණ ගැසීමයි.