ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන්ග් – වියට්නාමය බලා පැමිණ තිබේ. කිලෝමීටර් 4000 ක දුරු කතර ගෙවාගෙන, ඔහුගේ පෞද්ගලික දුම්රියෙන් උතුරු කොරියානු ජනාධිපතිවරයා වියට්නාමය බලා පැමිණියේ ය. ඇමරිකානු ජනාධිපතිවරයා අද සන්ධ්‍යාවේ දී වියට්නාමය බලා පැමිණීමට නියමිතය. බදාදා දිනයේ දී දෙරටේ ජනාධිපතිවරු මුණ ගැසීමට නියමිතය. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද මේ සංචාරය සදහා සහභාගී වී තිබේ.
“ට්‍රම්ප් – කිම්” හමුව; කිම් ජොන් උන් වියට්නාමයට ගොඩ බසියි.
0
536