ට‍්‍රම්ප් – කිම් සාකච්චා බිද වැටේ…!

0
651
- Advertisement -

ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ග් අතර සාකච්ඡුා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. උතුරු කොරියාව සතු න්‍යෂ්ඨික අවි අකී‍්‍රය කර ගැනීමේ අරමුණ ඇතිව ඇමරිකාව මෙම සාකච්ඡුා ස`දහා සහභාගී විය. සාකච්ඡුා අසාර්ථක වීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති වරයා මාධ්‍යය හමුවේ කියා තිබුණේ, න්‍යෂ්ඨික අවි අකී‍්‍රය කිරීමට නම්, සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස උතුරු කොරියාව තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත්, තමන් සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලා නොසිටි බව උතුරු කොරියානු විදේශ අමාත්‍ය වරයා පවසා තිබුණි. තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක වලින් යම් කිසි කොටසක් ඉවත් කරන්නේ නම් පමණක්, තමන් සතු ප‍්‍රධානතම න්‍යෂ්ඨික බලාගාරය අකී‍්‍රය කිරීමට තමන් කැමති වූ බව ඔහු පවසා තිබුණි.