ට‍්‍රම්ප්ගේ ජාතිවාදී ප‍්‍රකාශය හෙලා දකියි.

0
490
- Advertisement -
Share

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්, ඉල්හාම් ඕමාර් මන්ත‍්‍රීවරිය ඇතුළු සුළු ජාතීන් නියෝජනය කරන මන්ත‍්‍රීවරියන් සිව් දෙනෙකුට එරෙහිව කරන ලද ජාතිවාදී ප‍්‍රකාශය හෙළා දැකීමේ යෝජනාවක් ඇමරිකානු මහජන මන්ත‍්‍රී මණ්ඩලය විසින් සම්මත කරගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ජාතිවාදී බවත්, එය තරයේ හෙළා දැකිය යුතු බවටත් වූ යෝජනාවට මහජන මන්ත‍්‍රී මණඩලයේ 240 න් 187 දෙනෙකු ඡුන්දය ලබා දී තිබුණි.

කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියා සිටින්නේ තමන්ගේ ප‍්‍රකාශය ජාතිවාදී ප‍්‍රකාශයක් නොවන බව යි.

ජනාධිපතිවරයාට එරෙහි යෝජනාව මහජන මන්ත‍්‍රීමණ්ඩලය තුළ සම්මත වූ වහාම, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක‍්‍රටික් පක්ෂ සාමාජිකයෙකු කටයුතු කර තිබුණද ඒ සදහා ඩිමොක‍්‍රටික් පක්ෂයේ නායකයන්ගේ අවසරය අදාල මන්ත‍්‍රීවරයාට ලැබී තිබුණේ නැත.

ජනාධිපතිවරයාගේ ජාතිවාදී ප‍්‍රකාශය පදනම් කරගෙන ඇමරිකානු පුරවැසි සමාජය කදවුරු දෙකකට බෙදෙමින් තිබේ. එක් පාර්ශ්වයක් ට‍්‍රම්බ් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතර, අනෙක් පාර්ශ්වය, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය දැඩි ලෙස හෙලා දකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 18 =