ට‍්‍රම්ප්ගෙන් චීනයට තවත් බදු..!

0
198
- Advertisement -

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් 10% ක බද්ධක් අය කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසයි.

දැනට මෙම භාණ්ඩ චීනයෙන් ආනයනය කිරීම නිසා ඇමරිකාවෙන් චීනයට ඇදී යන විදේශ විනිමයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 300 කි.

මෙසේ ආනයනික භාණ්ඩ මත බදු පැනවීමත් සමඟ චීනය සහ ඇමරිකාව අතර පවතින වෙළඳ යුද්ධය නරක අතට හැරෙනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

අදාල බදු ප‍්‍රතිපත්තිය සැප්තැම්බර් මාසයේ පළමු වෙනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

දැනට චීනයෙන් ආනයනය කරනු ලබන ස්මාර්ට් දුරකථන සහ රෙදි පිළි සඳහා මෙම නව බද්ධ එකතු වන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + twelve =