ටැබ් පරිගණක සොරකම් කර විකුණා මහරගම රෝහලකට දානයක් දීලා

0
542
- Advertisement -

කිරුළපන නගරයේ පිහිටා ඇති ආගමික මධ්‍යස්ථානයක ඉගෙනුම ලබන සිසුන්ට බෙදා දීමට ගෙනැවිත් තිබූ ලක්ෂ 25කට අධික වටිනාකමින් යුතු ටැබ් පරිගණක යන්ත්‍ර 90ක් සොරාගත් පුද්ගලයකු කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරාගත් පරිගණක පිටකොටුව අලෙවිසැල් දෙකකට විකුණා ඇති බව සැකකරු ප්‍රකාශ කළ බවත්, එම අලෙවිසැල්වල තිබී ටැබ් පරිගණක 60ක් පොලිසිය බාරයට ගත් බවත් පොලිසිය පවසනවා.

ඉන් එක් පරිගණකයක වටිනාකම රුපියල් 28,000ක් පමණ වන බවත් සැකකරු එය රුපියල් 8,000 වැනි සුළු මුදලකට අලෙවි කර ඇති බවත් පොලිසිය පවසනවා.

පරිගණක අලෙවියෙන් සැකකරු උපයාගත් මුදලින් කොටසක් ගෙවා යතුරුපැදියක් මිලදී ගෙන ඇති අතර, සෙසු මුදලින් මහරගම රෝහලකට දානයක් දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ආගමික මධ්‍යස්ථානයේ සවිකර තිබූ සී සීටීවී කැමරා දර්ශන අනුව, කදාන ප්‍රදේශයේ නිවසක රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉතිරි ටැබ් පරිගණක 30 සොයා පොලිසිය පරීක්ෂණ පවත්වනවා. සැකකරු අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =