ටාජ් සමූද්‍රා බෝම්බය පිපිරුනේ නැත්තේ ඇයි…? තේරීම් කාරක සභාව දයාසිරිගෙන් අහයි..!

0
794
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ, පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවේ එක් ඉලක්කයක් වූ ටාජ් සමූද්‍රා හෝටලයේ බෝම්බය පිපිරී නොගිය හේතුව තමන් දන්නා බවට මන්ත‍්‍රී වරයා කළ ප‍්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සදහා යැයි පැවසේ. කෙසේ වෙතත්, විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිනවා ද නැද්ද යන්ත ගැන තමන් තවමත් තීරණය කර නැති බව මන්ත‍්‍රීවරයා පවසයි. ඔහුට දැනුම් දී ඇත්තේ අද සවස රැුස්වෙන තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසයි. අද තේරීම් කාරක සභාව හමුවේ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සාක්ෂි ලබා දීමට නියමිතය. තේරීම් කාරක සභාව අද සවස 2.00 ට රැස් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + five =