ට්‍රම්ප්ට චීනයේ බැංකු ගිණුමක්..!
නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයක්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිබදව, ආන්දෝලනාත්මක හෙළිදරව්වක්, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් සිදු කර තිබේ. ඒ අනුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, චීනයේ බැංකු ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති අතර, එය සත්‍යයක් බව ද ඔහු විසින් පිළිගෙන තිබේ.
මෙම ගිනුම, ජනාධිපති ට්‍රම්ප්ට අයත් ජාත්‍යන්තර හෝටල් කළමණාකරණ අංශය විසින් පවත්වාගෙන ගොස් තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ චීන බැංකු ගිණුම පිළිබදව හෙළිදරව් වී ඇත්තේ, ජනාධිපතිවරයා විසින්, ඔහුගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඞ්න් – චීනයට මුහුණ දිය නො හැකි දුර්වලයෙකු ලෙස හදුන්වා දී තිබිය දී ය.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩි චීන විරෝධියෙකු ලෙස පෙනී සිටින අතර, චීනයට එරෙහිව දැඩි බදු ප්‍රතිපත්තියක් ද අනුගමනය කළේ ය.