ඥානසාර හිමියන්ගෙන් ජූලි 02 වැනිදා විශේෂ හෙළිදරව්වක්

0
852
- Advertisement -

එළැඹෙන ජූලි 02 වැනිදා විශේෂ කාරණයක් රටට හෙළි කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසනවා.

රටෙහි අනාගතය වඩාත් යහපත් තැනකට ගෙන ඒම වෙනුවෙන් දැයම එක රොදකට යන තේමාව යටතේ සිවුහෙළේ මහා සමුළුව ජූලි 07 වැනිදා මහනුවරදී පවත්වන බවත් ආරක්ෂක හේතූන් මත එම සමුළුව පවත්වන ස්ථානය පසුව දැනුම් දෙන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළා.

රට මේ වනවිට මාරාන්තික තැනකට පත්ව ඇතැයිද ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් තවමත් කිසිවකු පියවර ගෙන නැතැයිද පැවසු ගලගොඩඅත්තේ හිමියන් ඇතැමුන් සහරාන් පිළිබඳව සොයනවාට වඩා බොදුබලසේනා සංවිධානය පිළිබඳ සොයන බවද ප්‍රකාශ කළා.