“ඥාතී දියණියකගේ විවාහයක් ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන කතාව බොරුවක්.” හමුදාපතිවරයා පවසයි.

0
412
- Advertisement -

“ඥාතී දියණියකගේ විවාහයක් ගැන
සමාජ මාධ්‍යයේ පැතිරෙන කතාව බොරුවක්.”
හමුදාපතිවරයා පවසයි.


සිය ඥාතී දියණියකගේ මංගලෝත්සවයක් පිළිබදව සමාජ මාධ්‍යයේ පැතිරෙන ප්‍රවෘත්තිය ප්‍රබන්ධයක් බව හමුදාපතිවරයා පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විවාහ මංගලෝත්ස්ව පැවැත්වීම රජය විසින් තහනම් කර තිබේ.

විවාහ මංගලෝත්ස්ව තහනම් කිරීමේ තීන්දුව, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදු කිරීමට රජය තීරණය කර ඇත්තේ, ඊයේ පෙරවරුවේ දී, හමුදාපතිවරයාගේ ඥාතී දියණියක් විවාහ දිවියට එළැඹෙන නිසා යයි සමාජ මාධ්‍යයේ වාර්තා විය.

සිය සහෝදරියට දියණියන් දෙදෙනෙකු සිටින නමුත්, ඔවුන් දෙදෙනාම තවමත් ශිෂ්‍යාවන් බවත් හමුදාපතිවරයා පවසා තිබේ.

එමෙන්ම, සිය පවුලේ සමිප ඥාතීන්ට අදාලව ගත් විට, තවත් වසර දෙකකින්වත් විවාහ මංගල්‍යයක් නොපැවැත්වෙන බවද හමුදාපතිවරයා පවසා තිබේ.

විවාහ මංගලෝත්සවයේ දී ගත් බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඡායාරූපය, තමන් හමුදාපති ධූරයේ වැඩ භාරගත් අවස්ථාවේ ඡායාරූපයක් බවද හමුදාපතිවරයා පවසා තිබේ.