ඥාණසාර හිමි අදත් අධිකරණයට…!

0
605
- Advertisement -

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව විභාග වන තවත් නඩු තුනකට පෙනී සිටීම සඳහා උන් වහන්සේ අද අධිකරණයේ පෙනී සිටීමට නියමිත ය. අදාල නඩු තුනෙක් එක් නඩුවක තීන්දුව අද දිනයේ දී ප‍්‍රකාශ කිරීමට නියමිතය. ඒ, තලාහානේ මූලධර්මවාදී පල්ලියකට පහර දීම සම්බන්ධ නඩුව යි. ඊට අමතරව, තවත් නඩු දෙකක් අද සිට විභාගයට ගැනීමට නියමිතය. ඉන් එකක් වන්නේ අල් කුරාණයට අපහාස කළ බව පවසමින් ගොනුකර ඇති නඩුවක් සහ පූජ්‍ය වටරැුක විජිත හිමියන් විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් ඇතුළු වී එකී මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම සම්බන්ධ නඩුවකි.