ඥාණසාර හිමියන් පිංකමක් සඳහා තිලංග සුමතිපාලගේ නිවසට වැඩම කරයි

0
231
- Advertisement -

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හා එම සංවිධානයේ හිමිවරුන් 07දෙනෙකු දානමය පිංකමක් සඳහා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසට වැඩම කර තිබෙනවා.

පුංචි බොරැල්ලේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන්ට දහවල් දානය පිලිගැන්වා ඇති බව වාර්තා වනවා. ජනපති සමාව ලැබීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දානමය පිංකමකට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය වනවා. දානය පිළිගැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ සමග ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡාවක්ද පවන්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − three =