ජේම්ස් බොන්ඩ් ඇදගෙන වැටෙයි

0
650
- Advertisement -
Share

අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණදීමට අලුත්ම ජේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටය රූගත කිරීමේදී නිෂ්පාදකයන්ට සිදුවී තිබෙනවා.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ඉවත්ව ගිය අතර රූගත කිරීම් සිදු කළ බ්‍රිතාන්‍යයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ පිපිරීම් කීපයක්‌ ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්පසු ජේම්ස්‌ බොන්ඩ් නළු ඩැනියෙල් ක්‍රෙග් සිය අවසාන ජේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටි අවස්‌ථාවේ ඇද වැටීමෙන් දණහිසකට තුවාල සිදුව තිබෙනවා.

ඩැනියෙල් ක්‍රෙග් ඇමරිකාවේ ජොන් කෙනඩි ගුවන්තොටුපළට පැමිණියේ අත්වාරු යුවළක සහයෙනුයි. මේ පිළිබඳව JAMES BOND නිළ Twitter ගිණුම හරහාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =