ආන්දෝලනාත්මක විකිලීස් වෙබ් අඩවියේ නිර්මාර්තෘ ජුලීයන් අසාන්ජේ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවලේ සිටියදී ලන්ඩන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අවුරුදු හතක් තිස්සේ ඔහු මෙසේ දේශපාලන රැකවරණ ලබමින් ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැදී සිටියේ ය. ජුලීයන් අසාන්ජේට එරෙහිව අපචාර චෝදනා එල්ල වී තිබුණු අතර, එම චෝදනාවන් මත ඔහු ස්වීඩනය වෙත පිටුවහල් කිරීමට නියමිතව තිබුණි. ස්වීඩනයට පිටුවහල් කිරීමෙන් වැළකී සිටීම සදහා ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවල් ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත් ලන්ඩන් පොලීසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සිටියදී ය.
ජුලීයන් අසාන්ජේ අත් අඩංගුවට.
0
579