“ජී.එස්.පී ප්ලස් මොකටද…? තරගකාරී පදනමින් අපනයනය කරමු..!” අජිත් නිවාඩ් කබ්රාල්.

0
799
- Advertisement -

“ජී.එස්.පී ප්ලස් මොකටද…?
තරගකාරී පදනමින් අපනයනය කරමු..!”
අජිත් නිවාඩ් කබ්රාල්.

ජී.එස්.පී ප්ලස් වැනි වෙළද සහන මත පදනම් නොවී, තරගකාරී පදනමකින් අපගේ නිෂ්පාදන යුරෝපීය වෙළද පොළට අපනයනය කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ග රජය සකස් කරමින් සිටින බව අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබේ.

ශ‍්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහන ලබා දීම අත් හිටුවීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පසුගිය දා යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර, එම යෝජනාවට පක්ෂව අති බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබුණි.

ජී.එස්.පී ප්ලස් සහනය අඛණ්ඩව ලබා ගැනීමට නම්, ත‍්‍රස්තවාදය වැළැක් වීමේ පනත වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනත් අහෝසි කරන ලෙස යුරෝපා සංගමය ශ‍්‍රී ලංකා රජයට බලකර සිටියි.

යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම ”පිළිකුල්සහගත” එකක් බව අජිත් නිවාඞ් කබ්රාල් අමාත්‍යවරයා පවසයි.

ශ‍්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරී පදනමක් මත අපනයන වෙළදාමේ නිරත විය යුතු බව පවසන අමාත්‍යවරයා ඒ සදහා නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමට අවශ්‍ය උපාය මාර්ග මේ වන විට සකස් කරමින් සිටින බවත ්පවසයි.

ජී.එස්.පී ප්ලස් බදු සහනය අඛණ්ඩව ලබා දීමට නම්, අත් අඩංගුවේ සිටින ඇතැම් පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, චීනය සමග ශ‍්‍රී ලංකාව පවත්වාගෙන යන සම්බන්ධතා ලිහිල් කරන ලෙසත් ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පවසයි.

එවැනි ඉල්ලිම් ඉදිරිපත් කිරීම නුසුදුසු බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.


ඬේලි මිරර් පුවත්පත ඇසුරෙනි.