ජීප් රිය මාට්ටු. මධුමාදව කට්ටි පනියි.

0
839
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයෙන් සති තුනකට පසුව මිණුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සදහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා දිගින් දිගටම පොලීසිය මග හරිමින් සිටින බව වාර්තා වේ. මේ අතර, මිනුවන්ගොඩ ගැටුම් සිද්ධ වූ අදාල දිනයේ දී මදුමාධව අරවින්ද මහතා මිණුවන්ගොඩ සැරි සැරූ කියන ජීප් රථය විශේෂ කාර්ය බළකාය විසින් කඩවත දී අත් අඩංගුවට ගෙන තිබේ.