ජිවන් සහ සෝලංගආරච්චි පොහොට්ටුව අත්හරී. රතන හිමිගේ පක්ෂයෙන් නාමයෝජනා දෙයි.

0
749
- Advertisement -

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා, ඉදිරි මහ මැතිවරණය සදහා තරග වැදීමට, රතන හිමිගේ අපේ ජනබල පක්ෂය යටතේ නාමයෝජනා ලබා දී ඇති බව වාර්තා වේ. ඔහුට අමතරව, ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතාද රතන හිමිගේ පක්ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කය සදහා තරග වැදීමට නියමිත ය.

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු සන්ධානයෙන් ඉවත් වී වෙනම තරග කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටි අයෙකි. නමුත්, ඔහු බලාපොරොත්තු වූ පරිද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු සන්ධානයෙන් ඉවත් නොවූ නිසා, හිටපු අමාත්‍යවරයා මෙම තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + nineteen =