ජැෆ්නා ස්ටැලියෝන් කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් ට පාර්ලිමේන්තුවේ සුබ පැතුම්.
ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති කොලොම්බෝ කිංග්ස් සහ ජැෆ්නා ස්ටැලියෝන් කණ්ඩායම අතර පැවති තරගයේ දී ජැෆ්නා ස්ටැලියෝන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ විජයකාන්ත් වියස්කාන්ත් ට සුබ පතන බව, ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාජපුත්රියන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය.
විජයකාන්ත් වියස්කාන්ත්, යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකි. ඔහු 18 හැවිරිදි වියේ පසු වේ.
ඊයේ තරගයේ දී කොළොම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල දවා ගනු ලැබුවේ විජයකාන්ත් වියස්කාන්ත් විසිනි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ද මේ යෞවනයාට සුබ පතා තිබුණි.