ජාලිය වික‍්‍රමසූරිය බේරා ගන්න අළුත් ආණ්ඩුව දරන උත්සාහයට ඇමරිකාව හරස් වේ.

0
396
- Advertisement -
Share
4 / 100

ජාලිය වික‍්‍රමසූරිය බේරා ගන්න
අළුත් ආණ්ඩුව දරන උත්සාහයට
ඇමරිකාව හරස් වේ.


ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය සතු තානාපති වරප‍්‍රසාද ඉවත් කර නැති බැවින් ඔහුට එරෙහිව ඇමරිකාව තුළ කි‍්‍රයාත්මක වන නඩුහබවලින් ඔහු නිදහස් කරන ලෙස ට කරන ලද ඉල්ලීම ඇමරිකානු දිස්ති‍්‍රක් අධිකරණයක් මගින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ජාලිය වික‍්‍රමසූරිය, ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිව සිටිය දී, තානාපති කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනකට වඩා වැඩි මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල විය.

ඔහුට හිමිව තිබුණු තානාපති වරප‍්‍රසාද හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කරල ලද බැවින්, හිටපු තානාපතිවරයාට එරෙහිව විමර්ෂණ ආරම්භ කිරීමට ඇමරිකානු අධිකරණය තීන්දු කර තිබුණි.

කෙසේ වෙතත්, ජාලිය වික‍්‍රමසූරියට හිමිව තිබෙන තානාපති වරප‍්‍රසාද ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ලක් හෝ වෙනත් සාක්ෂියක් සොයාගත නොහැකි බව බව පවසා, එබැවින් තවදුරටත් ඔහුට එම වරප‍්‍රසාද හිමිවන බව පවසමින්, ඔහුට එරෙහිව ඇමරිකාව තුළ සිදුව නීතිමය ක‍්‍රියාමාර්ග අත්හිටුවන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති අතර, ඇමරිකානු දිස්ත‍්‍රික් අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ එම ඉල්ලීමයි.

සන්ඬේ ටයිම්ස් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 14 =