ජාලිය වික්‍රමසූරියගෙ පවුලේ අය සමග 100 දෙනෙක් වෙනුවෙන් වෙන් වුන ඩුබායි හෝටලයේ බිල; ශ්‍රී ලංකන් එයාර් එකට

0
706
- Advertisement -

ශ‍්‍රී ලංකන් එයාර් – හිටපු ප‍්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන විසින් සිය දෙනෙකුට නවාතැන් ගැනීම සඳහා ඩුබායි හී හෝටලයක් වෙන් කර ගෙන ඇති බවත්, හෝටලයේ බිල ගෙවා ඇත්තේ ශ‍්‍රී ලංකන් එයාර් ආයතනය විසින් බවත් වාර්තා වේ. එයාර් ලංකා, මිහින් එයාර් සහ එයාර් ලංකා කේටරින් යන ආයතනවල දූෂණ අක‍්‍රමිතා සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම ඊයේ රැුස් වූ අවස්ථාවේ දී මේ බව හෙළිදරව් වී තිබේ. හෝටලයේ නවාතැන් ගෙන ඇති සිය දෙනා අතර, එක්සත් ජනපදයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය සහ ඔහුගේ පවුලේ ඥාතීන්ද සිටි බව වාර්තා වේ.