ජාතික පාසල් විදුහල්පති මාෆියාවට රාජ්‍ය සේවා කොමිසම යට වෙලාද..?

0
733
- Advertisement -

ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩු පිරවීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය නිසි පියවර ගෙන ඇතත්, රාජ්‍ය සේවා කොමිසමේ ඇතැම් තීරණ නිසා ඒ කටයුතු ඇණ හිට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
අදාල පුරප්පාඩු පිරවීම සදහා නිසි ක‍්‍රමවේදය අනුගමනය කරමින් විදුහල්පතිවරු තෝරාගෙන අදාල නාම ලේඛනය රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇතත්, රාජ්‍ය සේවා කොමිසම එකී නාම ලේඛනය පිළිගැනීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ. මේ තත්ත්වය මත ජාතික පාසල් රැුසක් පරිපාලන කටයුතු ඇන හිට තිබෙන බවයි වාර්තා වෙන්නේ. ප‍්‍රධාන පෙලේ ජාතික පාසල් බොහෝමයක විදුහල්පති වරු වෙනුවට විදුහලේ පරිපාලන කටයුතු මෙහෙය වන්නේ වැඩ බලන විදුහල්පති වරු විසිනි. ප‍්‍රධාන පෙලේ ජාතික පාසල්වල විදුහල්පතිවරු බවට පත් වීමෙන් නොයෙකුත් වරදාන සහ වරප‍්‍රසාද භුක්ති විද ඇති හිටපු විදුහල්පතිවරු රාජ්‍ය සේවා කොමිසම් සභාව පවා නොමග යවමින්, අහිමි වූ බලය යලි අත් කර ගැනීමේ කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව අළුතින් නම් යෝජනා වූ ඇතැම් විදුහල්පති වරු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =