ජාතික ගීය සිංහලෙන් පමණයි.

0
795
- Advertisement -

පෙබරවාරි 04 වන දාට යෙදී ඇති 72 වන ජාතික නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මෙවර ජාතික නිදහස් දින සැමරුමේදී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.

ජාතික දින සැමරුමට සමගාමීව දැවැන්ත රුක්රෝපණ වැඩසටහනක් දියත් කිරීමටද ජනාධිපතිවරයා අධිෂ්ඨාන කරගෙන ඇති බව පැවසේ.

මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු, 2016 වසරේ පැවති 68 වන ජාතික නිදහස් දින සැමරුම් උළලේ දී ජාතික ගීය සිංහලයෙන් මෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ද ගායනා කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − fifteen =