ජාතික ගීය සිංහලයෙන් පමණයි කියා රජය කියලා නෑ..!

0
349
- Advertisement -
Share

ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කරන බව, රජය කොතැනකවත් කියා නැති බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ අද පෙරවරුවේ දී ද්‍රවිඩ මාධ්‍ය ප‍්‍රධානීන් හමු වූ අවස්ථා වේ දී ය.

එහිදී මාධ්‍යවේදියෙකු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ජාතික ගීය පිළිබදව ඇසූ ප‍්‍රශ්නය සහ අග‍්‍රාමාත්‍යවරයා ඊට දී තිබෙන පිළිතුර පහත පළකර සිටිමු.

ප‍්‍රශ්නය – දෙමළ ජනතාවටත් මේ රට ගැන හැඟීමක් දැනීමක් තිබෙනවා.ජාතික ගීය දෙමළෙන් දෙමළෙන් ගායනා කරන්නේ නැහැ කියලා කතාබහක් තියෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් මේ ඇතිවෙලා තිබෙන හිඩැස ලොකු වෙන්න ඉඩ තියෙනවා නේද?

අග‍්‍රාමාත්‍ය වරයා – ජාතික ගීය පිළිබඳ ප‍්‍රශ්නය අපි දකින්නෙත් පත්තර වලින් තමයි. අපේ වේදිකාවල කියන්නේ නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් පමණයි කියලා. ජාතික ගියක් තියෙන්න පුළුවන් රටකට එකයි. සිංගප්පූරුවේ වුණත් ඉන්දියාවේ වුනත් විවිධ භාෂා භාවිතා වුණත් ජාතික ගීය ගායනා කරන්නේ එක භාෂාවකින් පමණයි. දෙමළ උත්සවයක් කරනකොට ජාතික ගීය ඒ භාෂාවෙන් කියන්න පුළුවන්. තහනමක් කරල නැහැ. ජාතික ගීය ගායනා කිරීම යම් යම් ප‍්‍රදේශ වල හැටියට සිදු කෙරෙනවා. මේ වගේ දේවල් කතා කරන එකේන්ම ජාතීන් අතර බේද වැඩි කරනවා. අපි රජයක් විදිහට තීරණය කරල නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් විතරයි කියලා. යම් යම් මත තිබෙන දේශපාලඥයින් විවිධ ප‍්‍රකාශ කරන්න පුළුවන්. ඒක ආණ්ඩුවෙ තීරණයක් විදිහට හිතන්න බැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 3 =