“ජාතික කණ්ඩායමේ කළමණාකාර ධූරයට පත් වූ ජෙරොම් ලී ජයරත්න මහතා ඒ සදහා සුදුස්සෙක්…!” හරීන් ප්‍රනාන්දු

0
759
- Advertisement -

“ජාතික කණ්ඩායමේ කළමණාකාර ධූරයට පත් වූ ජෙරොම් ලී ජයරත්න මහතා ඒ සදහා සුදුස්සෙක්…!” හරීන් ප්‍රනාන්දු

අසන්තද මෙල් ඉවත් වීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කළමණාකාරධූරයට පත් වූ ජෙරෝ ලී ජයරත්න මහතා, එම ධූරය දැරීම සදහා සෑම අතකින්ම සුදුසු අයෙකු බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජෙරොම් ජයරත්න මහතා, අගමැති පුත්, රෝහිත රාජපක්ෂ මහතාගේ ගේ බිරිද වන ටට්යානා රාජපක්ෂ ගේ පියා ය.

ජෙරොම් ජයරත්න මහතා, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරධූරයට පත් වීම සදහා මෙම ඥාතී සම්බන්ධය හේතු වී ඇති බව හැගවෙන පුවත් සමාජ මාධ්‍යයේ පල විය.

ඒ නමුත්, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ, ජෙරොම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කළමණාකාර ධූරය සදහා ඉතා සුදුසු අයෙකු බවයි.

ක්‍රීඩකයන්ට පීඩනයක් නොදී – ඔවුන් පාලනය කිරීමේ හැකියාව ජෙරොම් ජයරත්න මහතාට ඇති බව තමන් විශ්වාස කරන බව, ඔහු පවසයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 6 =