ජාතික ආණ්ඩුවකට යමු! එජාපෙන් ජනපතිට යෝජනාවක්.

0
638
- Advertisement -

එක්සත් ජාතික පක්ෂය හා එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ.එච්.එම් ෆවුසි යන මන්ත‍්‍රී වරුන්ට අමාත්‍ය ධූර ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක මන්ත‍්‍රීවරුන්ගේ එකතුවකින් ජාතික ආණ්ඩුවක් සෑදීමට එක්සත් ජාතික පෙරමුණ සූදානමින් සිටියි. ඒ අනුව, එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල නායකයන් දෙදෙනෙකු විසින්, ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් මහතාට ද ජාතික ආණ්ඩුව එ එක්වන ලෙස ආරාධන කර තිබේ.