ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය එපා කියයි. චීනයෙන් ණය ඉල්ලයි.

0
476
- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය එපා කියයි.
චීනයෙන් ණය ඉල්ලයි.


කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දි සිටින රටවල් සදහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හදුන්වා දී තිබුණු ණය යෝජනාව යටතේ, ණය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා රජය මුලින් අයදුම් කර තිබුණත්, එම තීරණය අත්හැර, චිනයෙන්, ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව මහබැංකු ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් උපුටා දක්වමින් අද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

ඇ.ඩො.බි. 800ක IMF ණය එපා කියා චීනය පැත්තට හැරේ

•නයන තරංග ගමගේ

චීනයෙන් අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකම කඩිනමින් ලබාගැනීමටත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ලබාදීමට යෝජිත ඇ. ඩොලර් බිලියන 800ක ණය මුදල ප්‍රතික්ෂේප කිරීමටත් ශ්‍රී ලංකාව තීරණය කර ඇත. පෙරේදා (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධානින් සහභාගිවූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි. ඒ අනුව චීනයෙන් ලබාගැනීමට නියමිත හුවමාරු ණය (SWAP) පිළිබඳ අවසන් තීරණය එළැඹෙන සතියේ ප්‍රකාශයට පත්කෙරෙන බව මහ බැංකු නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර එහිදී සඳහන් කළේය. එසේම මේ වන විට ලබාගෙන ඇති ඩොලර් මිලියන 400ක හුවමාරු ණය මුදලට අමතරව තවත් ඩොලර් බිලියන 1ක හුවමාරු ණයක් ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබාගැනීමට අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවද නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී පැවසීය.

කොවිඩ් වසංගතයෙන් ඇති වන ආර්ථික බිඳවැටීම් සමග කටයුතු කිරීම සඳහා අසීරුතා සහිත රටවලට උපකාර කිරීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ‘වේගවත් ණය’ පහසුකම හඳුන්වා දී ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වේගවත් මූල්‍ය උපකරණ (RFI) යටතේ හදිසි මූල්‍ය ආධාර ලබා දෙන ලෙස 2020 අ‍ප්‍රේල් මාසයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකා බලධාරීන් ඉල්ලීමක් කර තිබිණි. රජයේ ප්‍රතිපත්තිය වන්නේ රට තුළට ‘ණය නොවන විදේශ විනිමය’ ගලා ඒම වැඩි කිරීමෙන් ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම බැවින් මෙම ඍජු ණය කාණ්ඩයට ගැනෙන මූල්‍ය අරමුදලේ මෙකී ඇ. ඩො. බි. 800ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන බව මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සඳහන් කරයි.