ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවන පොලිය වෙනස් කර නැති බව රජය කියයි.

0
312
- Advertisement -
Share

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවන පොලිය
වෙනස් කර නැති බව රජය කියයි.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සදහා පසුගිය රජය විසින් 15% ක විශේෂ පොලියක් ලබා දී තිබුණු අතර, මේ රජය එම පොලි අනුපාතය 8% දක්වා පහත හෙළා ඇති බවට, හෙඞ් ලයින් නිවුස් අපගේ මාධ්‍යයද ඇතුළුව සමාජ හා මුද්‍රිත මාධ්‍ය කිහිපයක වාර්තා වී තිබුණි.

ඊට අමතරව, අද පෙරවරුවේ පැවති පුවත්පත සාකච්ඡාවකදී, සමගි ජනබලවේගයේ හර්ෂද සිල්වා සහ අජිත් පී පෙරේරා යන හිටපු මන්ත්‍රීවරුන් විසින්ද එම පුවත තහවුරු කරන ලදී.
ඊට අමතරව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ද, සියලු තැන්පතු සදහා ගෙවන පොලිය තනි ඉලක්කමකට ගෙන ඇති බව පවසා සිටියේ ය.

මේ මාධ්‍ය වාර්තා පළවීමෙන් පවුස, අද උදෑසන මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය මගින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සදහා ගෙවන 15% ක විශේෂ පොලි අනුපාතය වෙනස් කිරීමට රජය තීරණය කර නැති බවයි.

එම ප්‍රවෘත්ති නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − one =