ජවිපෙ අපේක්ෂකයා නම් කිරීම අද.!

0
513
- Advertisement -
Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී බලවේග විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා නම් කිරීම අද සවස සිදුවීමට නියමිතය.

ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ”විකල්ප අපේක්ෂකයා” ලෙස නම් කිරීමට තමන් වැඩියෙන් කැමති බව ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ.

1999 වසරේ දී, එවකට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ නන්දන ගුණතිලක සහෝදරයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණ, ඔවුන් විසින් ගොඩ නගන පෙරමුණකින් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා, ජවිපෙ නායක, අනුර කුමාර දිසානායක සහෝදරයා වනු ඇති බවට විශ්වාස කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + eight =