ජලගැලූම් නිම්න රක්ෂිතයේ ප‍්‍රශ්නය; කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති නිහඩයි. හෙට සිට වනජීවී නිළධාරීන් වැඩ වරති.

0
169
- Advertisement -

ජලගැලූම් නිම්න රක්ෂිතයේ ප‍්‍රශ්නය;
කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති නිහඩයි.
හෙට සිට වනජීවී නිළධාරීන් වැඩ වරති.

පොළොන්නරුව ජල ගැලූම් නිම්න රක්ෂිතයේ සිදුවන විවිධ අනීතික කි‍්‍රයා වැළැක්වීම සදහා වහාම පියවර ගන්නා ලෙස, වන ජීවී නිළධාරීන් විසින් වනජීවී අමාත්‍යවරයාගෙන් සහ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුනද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් වගකිව යුතු පාර්ශ්වයන් විසින් ගෙන නොමැති බවට වනජීවී නිළධාරීන් චෝදනා කරයි.

ඒ හේතුව මත, තමන් කලින් සැලසුම් කර තිබුනු ආකාරයට, හෙට දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඔවුන් පවසයි.

පොළොන්නරුව ජලගැලූම් නිම්න රක්ෂිතය තුළට ගවයන් ඇතුළු කිරීම සහ රක්ෂිතය මැද්දෙන් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් වනජීවී නිළධාරීන් ඔවුන්ගේ විරෝධය පළ කර තිබුණි.

ජලගැලූම් නිම්න රක්ෂිතය මැද්දෙන් පාර කැපීමේ යටි අරමුණ, වැලි ජාවාරම් කරුවන්ට මහවැලි ගගේ වැලි කැපීම සහ ප‍්‍රවාහනයට පහසුකම් සපයා දීම බව, වන ජීවී නිළධාරීන්ගේ චෝදනාවයි. ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන්, කාපට් කළ මාර්ගයක් දැනටමත් ඉදිකර ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඊට අමතරව, රක්ෂිතය තුළට ගවයන් ඇතුළු කිරීම මගින්, වනාන්තර පද්ධතියට හානි සිදුවන බවද ඔවුහු පවසති. වනාන්තර කැපීම එක් ප‍්‍රධාන ව්‍යසනයක් වන අතර, හරකුන් රක්ෂිතය තුළට යැවීම මගින්, අලින්ට අවශ්‍ය ආහාර හිගවීමෙන් අලින් ගම් වැදීම සිදුවන බවද පැවසේ.

මේ සියළු කරුණු පිළිබදව සාකච්ඡුා කිරීමට සදහා වනජීවී නිළධාරීන් සාකච්ඡුාවක් ඉල්ලා තිබුණද, ඔවුන්ට එම සාකච්ඡුාව නොලැබුණු බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 16 =