ජපානෙට මහා වැසි ඇද හැලේ…!

0
601
- Advertisement -
Share

පසුගිය සිකුරාදා සිට ඇද හැලෙන මහා වර්ෂාව හේතුවෙන් නායයාමේ සහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අනතුරක් මතුව ඇති බැවින්, ජපානයේ ඇතැම් ප‍්‍රදේශවල ජනතාවට ඔවුන්ගේ නිවාස වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස රජය දැනුම් දී තිබේ. වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ Kyushu දූපත ට වන අතර, එය මිලිමීටර් 1000 කට වඩා වැඩි වර්ෂාපතනයකි. හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සූදානමින් සිටින ලෙස ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා හමුදා ප‍්‍රධානීන් දැනුවත් කර තිබේ. පසුගිය වසරේ ජූලිමාසයේ ඇද හැලූණු මහාවර්ෂාවෙන් මිනිසුන් 200 කට ආසන්න පිරිසක් මිය ගිය අතර, ඔවුන් බේරා ගැනීම සදහා අවශ්‍ය පියවර නොගත් බවට ෂින්සෝ අබේ අගමැතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =