ජනාධිපති සම්මාන උළෙලට නොයන්න කලාකරුවෝ තීන්දුවක.

0
927
- Advertisement -

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සහ ප්‍රකාශන නිදහසට තහංචි පැනවීමට විරෝධය දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත “2019 ජනාධිපති සිනමා සම්මාන උළෙලට සහභාගි නොවීමට එම උත්සවයට ආරාධනා ලද කලාකරුවන් පිරිසක් තීරණය කර ඇත.

සිනමාවේදි අශෝක හදගම, සිනමාවේදි විමුක්ති ජයසුන්දර, කැමරා අධ්‍යක්ෂ කුලරුවන් ගමගේ, නිෂ්පාදන කළමනාකාරිනි මනෝහාරි හේවාවසම් ඇතුළු පිරිසක් දැනට ඒ සම්මාන උළෙලට නොයෑමට තීන්දු කර ඇති අතර එම පිරිස තවදුරටත් වැඩිවනු ඇතැයි දැනගන්නට ලැබේ.

සම්මාන ලැබීමට නියමිත කලාකරුවන් සම්මාන ප්‍රතික්ෂේප කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වනවා.

ජූලි 26 වන දින සවස 6ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය. අග්‍ර්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද මෙම උළෙලට සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 19 =