ජනාධිපති රූපවාහිනිය අල්ලා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.

0
501
- Advertisement -

ජාතික රූපවාහිනී සංස්ථාව ජනපති යටතට පත් කරන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත‍්‍රය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමි සහ කතිකාචාර්ය චන්ද්‍ර ගුප්ප තේනුවර මහතා විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සමේ වගඋත්තර කරුලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇත්තේ ආරක්ෂාව මහවැලිය සහ පරිසර යන විෂයයන් පමණි. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවතිය යුතුව ඇති රූපවාහිනී සංස්ථාව ජනාධිපති යටතට පවරා ගැනීම ව්‍යවස්ථා විරෝධී බවට පෙත්සම් කරුවන් යෝජනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − eleven =