ජනාධිපති රුපියල් බිලියන 6.9 ක් ඉල්ලන්නේ ඇයි..?

0
579
- Advertisement -

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමන්ට ඇති බලය උපයෝගී කර ගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අධිතාක්ෂණික උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා රුපියල් බිලිනය 6.9 ක මුදලක් අනුමත කරන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇත. රහස්‍යභාවය රැුකගත යුතු බව කියමින් අදාල උපකරණ මොනවාද යන්න නිශ්චිතම සදහන් කර නැති ජනාධිපති වරයා, එම උපකරණ ගෙන්වන සමාගම පිළිබඳවද කිසිදු තොරතුරක් කැබිනට් මණ්ඩලයට ලබා දී නැති බව වාර්තා වේ. පිළිගත් මිලදී ගැනීමේ ක‍්‍රමවේදයෙන් බැහැරව ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට යන මෙම ගනු දෙනුව සැක සහිත බව ඇතැම් කැබිනට් අමාත්‍යවරු පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙන් මෙම උපකරණ ගෙන්වන බව ජනාධිපති වරයා කියා තිබුණද, අදාල උපකරණ ගෙන්වන්නේ ඉදිරි මැතිවරණයකදී සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමේ අරමුණෙන් විය හැකි යැයි ඇතැම් අමාත්‍යවරු සැක පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + five =