ජනාධිපති මෛත‍්‍රී පෝරකයේ තනි වේ.

0
580
- Advertisement -
Share

මරණ දඩුවම යළි කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන තිබෙන තීරණයට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිිංහ මහතා පවසයි. තමන් පමණක් නොව, මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සංධානය ද මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමේ යෝජනාවට විරුද්ධ බව අගමැති වරයා කියා සිටියේ ය. ලංකාව, 2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක නොකිරීමේ යෝජනාවට ඡුන්දය ලබා දී තිබේ. 2016 දී අත්සන් කළ එම යෝජනාව 2018 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නැවත ගෙනැවිත් ඇති අතර, එවරද ලංකාව ඊට අත්සන් තිබේ. ඒ මොහොතේ අග‍්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර තිබුණු අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කර තිබුණේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 4 =