ජනාධිපති මැදිහත් වී සුරක්ෂා රක්ෂණය නවත්වයි…!

0
664
- Advertisement -

නව රජය බලයට පත් වීමෙන් පසුව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුකළ විප්ලවීය වෙනස්කම් කීපයක් තිබේ. පළමු වැන්න නම්, පාසල් නිල ඇදුම් සදහා රෙදි ලබා දීම වෙනුවට වව්චර ලබා දීමට ගත් තීරණයයි. දෙවැන්න සමස්ත සිසු පරපුර ආවරණය කරමින් ලබා දුන් සුරක්ෂා රක්ෂණාවරණයයි. තුන් වැන්න, සෑම පාසල් දරුවෙකුටම වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ව්‍යාපෘතියයි. මේ සියල්ල, විශේෂයේනම ජනාධිපති තුමාගේත්, සමාජයේ අනෙක් බොහෝ දෙනාගේ පැසසුම ලක් වූ බව නොරහසකි. කෙසේ වෙතත්, ලක්ෂ 45කට ආසන්න ලාංකීය සිසු පරපුර ආවරණය කරමින් ලබා දුන් සුරක්ෂා රක්ෂණාවරණය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකින් නවතා දමා ඇති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යංශය සුරක්ෂා රක්ෂණාවරණය ක‍්‍රියාත්මක කරන ලද්දේ, ශ‍්‍රී ලංකා රක්ෂණ සමාගම හරහා ය.