ජනාධිපති පැමිණේ…! අද හෝ හෙට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..!

0
318
- Advertisement -
Share

ජපානයේ තෙදින නිල සංචාරය නිමා කරමින්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ මැදියම් රැයේ යළි දිවයිනට පැමිණ තිබේ.

ජපානයේ නරුහිතෝ රජ තුමාගේ රාජාභිෂේකයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා සමග විසි එක් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ජපානය බලා පිටව ගොස් තිබුණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසුව, ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙනුවෙන් පෙනී සිටීම සදහා ඔහුගේ වේදිකාවට ගොඩ වීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය රජයේ මෙන්ම මේ රජයේ ද දූෂණ වංචා විමර්ෂණ ලිපි ගොනු බොහෝ ප‍්‍රමාණයක් ජනාධිපතිවරයා සතුව පවතින බවත්, කිසියම් ආන්දෝලනාත්මක හෙළි දරව්වක් සමග ජනාධිපතිවරණ පොර පිටියේ තමන්ගේ පැත්ත තෝරා ගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + seventeen =