ජනාධිපති නිල නිවස ඉදිරියේ උපවාස කළ අසේල සම්පත්ට එරෙහිව ඇති මත්ද්‍රව්‍ය චෝදනා බොරු බව අධිකරණය කියයි.

0
1012
- Advertisement -

ඇතැම් කූට ව්‍යාපාරිකයන් පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් පාසල් අවට මත්ද්‍රව්‍ය මිශ‍්‍ර ආහාර පාන අලෙවි කරන බවට චෝදනා කරමින් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පසුගිය දා ජනාධිපති නිල නිවස ඉදිරියේ උපවාසයක නිරත විය. ඔහුව අත් අඩංගුවට ගත් කුරුදුවත්ත පොලීසිය මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම පිළිබඳව චෝදනාව ඇතුළුව තවත් චෝදනා කිහිපයක් ගොනු කරමින් කොළඹ මහාධිකරණයේ ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි. අද දිනයේ ඔහුට එරෙහිව පවරා තිබූ නඩුව කැදවූ කොළඹ මහාධිකරණය, මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම පිළිබද චෝදනාවෙන් ඔහු නිදහස් කර තිබේ. ජනාධිපති වරයා මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව බක්මහ දිවුරුම ලබා දෙන දවසේ – ජනාධිපතිගේ ම උපදෙස් මත තමන්ව මත්ද්‍රව්‍ය හා සම්බන්ධ නඩුවක පටලවන්නට කුරුදුවත්ත පොලීසිය ගත් උත්සාහය අසාර්ථ වීම දෛවෝපගත බව ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.