ජනාධිපති නියෝජිත මහින්දසමරසිංහ ගැන ජාත්‍යන්තරයට ප‍්‍රශ්න..!

0
732
- Advertisement -

මහන්ද සමරසිංහ, සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් යන අය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා සහභාගී වීමට නියමිතය. ජනාධිපතිවරයා නම් කර ඇති නියෝජිත පිරිස අතර සිටින මහින්ද සමරසිංහ යනු රාජපක්ෂ යුගයේ සිටි මානව හිමිකම් අමාත්‍යවරයා ය. ඔහු, රජයේ ආරක්ෂක හමුදා විසින් පැහැරගෙන ගොස් මරා දමා තිබෙන දරුවෙකුගේ පියෙකුට දුරකථනයෙන් අමතා, ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන නොයන ලෙසට බලපෑම් කර තිබෙන අයෙකි. ඒ බව මෙරට මාධ්‍යයේ ද ඒ දිනවල වාර්තා වී තිබුණි. එවැනි නියෝජිතයෙකුගෙන් සමන්විත රාජ්‍යතාන්ත‍්‍රිකයන් පිරිසක් යහපාලන රජය නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වීම ආන්දෝලනාත්මක බවයි පැවසෙන්නේ..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − one =