ජනාධිපති ධූරයේ වරදාන වරප‍්‍රසාද භුක්ති විදිනවානං වගකීමත් හරියට දරන්න – ජාතික හෙළ උරුමය මෛතී‍්‍රට කියයි.

0
1285
- Advertisement -

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව සමග ව්‍යවස්ථාමය, නීතිමය සහ දේශපාලනමය ගැටුමකට ගොස් තිබෙන බව ජාතික හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා ජාතික ආරක්ෂාව අනතුරේ හෙලා ඇති බව පවසමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය රැස් කිරීම අත් හිටුවා ඇති බව පවසන අමාත්‍ය වරයා, මේ ක‍්‍රියාදාමය හරහා චේතනාන්විතවම ආණ්ඩුව අකර්මන්‍ය කිරීමේ වගකීම් විරහිත කි‍්‍රයාවලියකට ජනාධිපතිවරයා මුල පුරා තිබෙන බවද පවසයි. ජනාධිපතිවරයාගේ මෙම අත්තනෝමතික කි‍්‍රයාවට එරෙහිව පාර්ලිමේන්තුව මෙන්ම මහජනතාද නැගී සිටිය යුතු බවයි අමාත්‍යවරයාගේ අදහස. අද උදෑසන පැවති මෙම මාධ්‍ය හමුවට එක් වූ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය කරූ පරණවිතාන මහතා කියා සිටියේ, ජනාධිපතිවරයා, ඔහුට හිමි වරප‍්‍රසාද භුක්ති විදින්නේ නම්, ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථාවෙන් ඔහුට පවරා ඇති වගකීම් ඉටු කිරීමටද ඔහු බැදී සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 7 =