ජනාධිපති තේරීම් කාරක සභාව ඉදිරියට..! මාධ්‍ය ආවරණය තහනම්…?

0
1137
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත් හිටුවන ලෙස අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව වාර්තා වේ. ඔහු එසේ පවසා ඇත්තේ අදාල තේරීම් කාරක සභාව, ඉදිරි දිනකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සාක්ෂි විමසීම සඳහා කැදවීමට සූදානමින් සිටින බැවිනි. කෙසේ වෙතත්, මේ මොහොතේ තේරීම් කාරක සභාව අත්හිටුවීම කිසි ලෙසකින්වත් කළ නොහැකි දෙයක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පැහැදිලි කර දී තිබේ. තේරීම් කාරක සභාව අත්හිටුවීමට නොහැකිනම්, අඩුම තරමේ, තමා සාක්ෂි දීමට පැමිණෙන දිනයේ දී තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත නොකරන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව පැවසේ. මීට පෙරද තේරීම් කාරක සභාවේ සජීවී විකාශය අත් හිටවා තිබුණු අතර, ඊට එරෙහිව විශාල විරෝධයක් පාර්ලිමේන්තුව තුළ මතු විය. යළිත් වතාවක්, තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කළහොත් තේරීම්කාරක සභාවටත්, කතානායක වරයාටත් එරෙහිව දැවැන්ත විරෝධයක් මතු වීමට ඉඩ තිබේ.