ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය මතු සම්බන්ධයි…!

0
940
- Advertisement -

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාර නමැති අයෙකු විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී මුල් වරට හෙළි දරව් කරන ලදී.

එකී කුමන්ත්‍රණ කතාව පදනම් කරගනිමින්, ත්‍රස්ත විමර්ෂණ ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ නාලක සිල්වා මහතා අත් අඩංගුවට ගන්නා ලද අතර, පසුව ඔහු ඇප මත මුදා හැරියේ ය.

දැන් යළිත් වතාවක්, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව කරලියට පැමිණ තිබේ.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව, දැනට මරණ දඩුවම ලබා බන්ධනාගාරගතව සිටින රැදවියන් පස් දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.