ජනාධිපති කැබිනට්ටුව රැස් නොකරයි, නමුත් තජිකිස්ථානේ යයි.

0
904
- Advertisement -

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සදහා තජිකිස්ථානය බලා පිටත්ව යෑමට නියමිත ය. එළැඹෙන 14 සහ 15 යන දිනවලදී තජිකිස්තාන අගනුවර පැවැත්වීමට කටයුතු යොදා ඇති ”ආසියාවේ විශ්වාසය සහ අන්තර්කි‍්‍රයාකාරීත්වය ගොඩ නැගීමේ සමුළුව” සදහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ සංචාරයේ අරමුණයි. කෙසේ වෙතත් ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණු කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයා විසින් නොපැවැත් වූ අතර, අදාල කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සදහා කැබිනට් පත‍්‍රිකා 70 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ඇති බව අමාත්‍ය චම්පික රණවක මහතා ප‍්‍රකාශ කර තිබුණි. කැබිනට් මණ්ඩලය රැස් නොකිරීමට ජනාධිපතිරයා ගෙන ඇති තීරණයෙන් රට යම් කිසි අරාජික තත්ත්වයකට පත්ව ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහ දේශපාලන විශ්ලේශකයන්ගේ අදහසයි.